Compress වෙන්නෙ නැතුව වට්ස් ඇප් එකෙන් ෆොටෝ යවමු


හැමෝම දන්නවනෙ අපි වට්ස්ඇප් එකෙන් ෆොටෝ එකක් යැව්වම ඒක Compress වෙලා අනිත් කෙනාට ලැබෙන්නෙ කියල.

ඇත්තම කියනවනම් වට්ස්ඇප් එක එහෙම කරන්නෙ ඉක්මනට ෆොටෝ එක අනිත් කෙනාට ලැබෙන්න සලස්වන්න ඕන නිසා සහ ඩේටා ලොස් වෙන ප්‍රමානය අඩු කරන්න හිතාගෙනයි.ඒ උනාට අපිට සමහර වෙලාවට ෆොටෝ එක ඒ Resolution එකෙන්ම යවන්න ඕන වෙනවනෙ, අද මම කියල දෙන්න යන්නෙ ඒක කරන්නෙ කොහොමද කියලයි.

1. මුලින්ම පේපර් ක්ලිප් Icon එක ඔබල ඊලගට එන මෙනු එකෙන් Document කියන එක ඇතුලට යන්න
2. Document කියන එක ඇතුලට ගියාම Document ෆයිල් ශෙයා කරන්න පුලුවන් ස්ක්‍රීන් එකක් එයි ඒත් අපිට ඕනෙ ඉමේජ් එකක් ශෙයා කරන්නනෙ ඒ නිසා එතනින් Browse other docs කියන එක ඇතුලට යන්න


3. ඊට පස්සෙ ඔයාට ඔනේ ෆොටෝ එක තෝරල send කරන්න


ඔයාලට ෆොටෝ එක Compress වෙන්නෙ නැතුව වට්ස්ඇප් එකෙන් ෆොටෝ යවන්න ඕනෙනම් මේ විදියට යවන්න.තව මේ ගැන දන්නෙ නැති ඔයාලගෙ යාලුවන්ටත් බලන්න මේ පෝස්ට් එක ශෙයා කරන්න

No comments

Powered by Blogger.